විවාහ වයස් සීමාව: ශ්‍රී ලංකාවේ නීතියේ "හිඩැසක්"

ශ්‍රී ලංකාවේ දැනට පවතින විවාහ නීතියේ වයස් සීමාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා සහ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ පවසයි.

"ලංකාවේ නීතියේ බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. අවුරුදු 16 දී ලිංගික කැමැත්ත දිය හැකියි. දහසයට වැඩි අය එහෙම ගිහින්, ළමා මව්වරුන් සහ ළමා ගර්භණීභාවය ලංකාවේ ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා."

වයස් සීමාවන් සම්බන්ධ නීතිය වෙනස් විය යුතුවා සේ ම ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ විවෘතව කතා කළ යුතු බවත් ඇය පෙන්වා දෙන්නීය.