ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: විශ්වාසභංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ බව කතානායක නිල වශයෙන් දන්වයි
පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා දැනුම් දෙමින්, ඊට අවශ්‍ය ලියකියවිලි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යැවීමට පියවර ගන්නා බව කතානායක කාර්යාලය පවසයි.
කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, විශ්වාසභංග යෝජනාවේ පිටපතක්, ඊට අදාළව පාර්ලිමේන්තුවේ තීරණය සහ පසුගිය දා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සඳහන් මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අත්සන් කළ ලිපියේ පිටපතක් ද ජනාධිපතිවරයා වෙත යවන බවය.
අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්මත කර ගැනීම සම්බන්ධයෙන් අද දිනයේ ම ඡන්දය විමසිය යුතු බව බහුතර මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වූ හෙයින් ඒ සඳහා ඡන්දය විමසූ බව එහි දැක්වේ.
පසුව, විශ්වාසභංගයට පක්ෂව බහුතරය ඡන්දය ප්‍රකාශ කළ බවත් ඒ අනුව විශ්වාසභංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ බවට කතානායකවරයා විසින් සභාව වෙත නිවේදනය කරනු ලැබූ බවත් එම නිවේදනයේ සඳහන් වේ.