දර ලිප සහ ගෘහස්ථ වායු දූෂණය

වීඩියෝ ශීර්ෂ වැකිය, දර ලිප සහ ගෘහස්ථ වායු දූෂණය

ශ්‍රී ලංකාවේ පවතින ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන්, දුම්වැටි පානය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් හා සමාන රෝග සහ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව මහනුවර මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දූෂාන්ත මැදගෙදර පවසයි.

ඔහු පෙන්වාදෙන පරිදි, ඉහත කී අවදානමට වැඩිවශයෙන්ම මුහුණ දෙනු ලබන්නේ මව්වරුන් ඇතුළු ගෘහණියන්ය.

දර ලිප නිසා ඇතිවන රෝගී තත්ත්වයන්, ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සෙසු දකුණු ආසියානු රටවල, අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකානු රටවල ද දැකිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.