'ගුවනේ දැවැන්තයා' මත්තලින් නික්ම යයි

භාණ්ඩ හෝ ඉන්ධනවලින් තොර වූ විට ටොන් 175ක බරින් යුතු වේ.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දින දෙකක් නවතා තිබූ ලොව විශාලතම ගුවන් යානය වන අන්තනොෆ් ඒඑන් 225 - මිර්යා ගුවන් යානය අද (අප්‍රේල් 20) අලුයම 4.45 ට පමණ ඉන් නික්ම ගියේය.

පසුගිය 18 වෙනිදා මැලේසියාවේ සිට ගුවන් යානය ශ්‍රී ලංකාවට සේන්දු වුයේ පකිස්තානයේ කරච්චි නුවර බලා යන අතරේදීය.

යානයට අවශ්‍ය ඉන්ධන පුරවා ගැනීම හා 24 දෙනෙකුගෙන් සමන්විත එහි කාර්ය මණ්ඩලයට විවේකයක් ලබාගැනීම එය ශ්‍රී ලංකාවේ ගොඩ බෑමට හේතුව වූ බව මත්තල ගුවන් තොටුපොළ බලධාරීහු පැවසූහ.

භාණ්ඩ හෝ ඉන්ධනවලින් තොර වූ විට ටොන් 175ක බරින් යුතු වේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, එන්ජින් 6 කින් යුතු මෙම යානයේ පියාපත් විහිදුම මීටර 88.4 ක්

දින දෙකක් සඳහා යානය නවතා තැබීම හේතුවෙන් රුපියල් මිලියන 15 ට වැඩි අදායමක් ලැබී ඇති බව මත්තල ගුවන් තොටුපොළ කළමනාකාර උපුල් කලංසූරිය පැවසීය.

මේ සා විශාල ගුවන් යානයක් හැසිරවීම සඳහා හොඳින් ඉඩකට අවශ්‍ය බවත්, කාර්ය බහුල නොවූ මත්තල ගුවන් තොටුපොළ ඒ සඳහා වැදගත් වූ බව රුසියාවට අයත් එම ගුවන් යානයේ ප්‍රධාන නියමු අන්තනොෆ් දිමිත්‍රෝ සඳහන් කළේය.

තවත් තොරතුරු:

භාණ්ඩ හෝ ඉන්ධනවලින් තොර වූ විට ටොන් 175ක බරින් යුතු වේ.

එන්ජින් 6 කින් යුතු මෙම යානයේ පියාපත් විහිදුම මීටර 88.4 ක් වන එහි ගුවන් භාණ්ඩ රඳවන ඉඩකඩ මෝටර් රථ 80 ට පමණ සෑහේ.

භාණ්ඩ හෝ ඉන්ධනවලින් තොර වූ විට ටොන් 175ක බරින් යුතු වේ.

මීටර 84ක දිගින් යුතු යානය රෝද 32කින් සමන්විතය.

රෝද 32කින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝද 32 ක්

යුක්රේනයේ මෝටර් සිච් (Motor Sych) සමාගම හා එක්ව අන්තනොෆ් සමාගම විසින් නිර්මාණය කරන ලද මේ යානය සඳහා ඩොලර් මිලියන 20ක ඇස්තමේන්තුගත පිරිවැයක් දරා තිබේ.

එන්ජින් 6 කින් යුතු මෙම යානයේ පියාපත් විහිදුම මීටර 88.4 ක්

'Antonov An-225 Mriya (අන්තනොෆ් - ඒන් 225 මිර්යා)' නමවන ලොව විශාලතම ගුවන් යානය 2016 වර්ෂයේ මාර්තු මස ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ගුවන්තොටුපොළට ගොඩ බැස්සවූ අවස්ථාවේ එය නැරඹීම පිණිස විශාල පිරිසක් රැස් වී සිටියහ.