ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අරියාදු සහ අඩන්තේට්ටම්: "ආකල්පමය වෙනසක් අවශ්‍යයි"
බුලි කිරීම් හෝ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ මීට ඉහත දී නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවූව ද කාන්තා සහ සේවක අයිතිවාසිකම් පිළිබඳ රට තුළ සංවාදයක් මතුව ඇති බැවින් එහි යම් ප්‍රගතියක් දක්නට ඇති බව කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය අනූෂා එදිරිසිංහ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවාය.
බුලි කිරීම් හෝ අඩම්තේට්ටම්වලට වැට බැඳීම සඳහා ප්‍රතිපත්ති (Policies) සහ ක්‍රියාකාරී සැලසුම් (Action Plans) නිර්මාණය වුවත් ඒ සම්බන්ධයෙන්පැමිණිලි කිරීම සඳහා තවමත් ශ්‍රී ලාංකිකයන්ගේ මානසික මට්ටම සැකසී නොමැති බව ඇය පෙන්වා දෙන්නීය.
වැඩි විස්තර සඳහා: සේවා ස්ථානයේ අරියාදු: 'බුලි' වුණොත් මොකද කරන්නේ?