තොරතුරු පනත ගැන ලාංකිකයන් දැනුවත්ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, තොරතුරු පනත ගැන ලාංකිකයන් දැනුවත්ද?

තොරතුරු දැන ගැනීමේ පනත ගැන ජනතාව දැක්වූ උනන්දුව අනෙකුත් ආසියාතික රටවල පළමු අවුරුද්ද සමග සැසදීමේදී සතුටුදායක බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ පවසයි.

තොරතුරු දැන ගැනීමේ පනත යොදා ගෙන ජනතාව තම ප්‍රදේශයේ ගැටලු ගැන තොරතුරු ලබා ගෙන ඒවාට විසඳුම් ලබාගත් අවස්ථා තිබූ බවත් ඔහු සඳහන් කළේය.