යුද අපරාධ සහ මාධ්‍යවේදීන්ට පහරදීම්: පරීක්ෂණයට සහාය දෙනවා -නව යුද හමුදාපති

වීඩියෝ ශීර්ෂ වැකිය, යුද අපරාධ පරීක්ෂණයට සහාය දෙනවා -නව යුද හමුදාපති

යුද බිමේ සිටි නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එල්ලවන යුද අපරාධ චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන නමුත් පවතින චෝදනා පිළිබඳව සිදුවන පරීක්ෂණ සඳහා සහය දක්වන බව නව යුද හමුදාපතිවරයා පවසයි.

පසුගිය කාලයේ හමුදා බුද්ධි අංශ නිලධාරීන් යොදාගෙන මාධ්‍යවේදීන්ට පහරදීම් එල්ලකළ බවට නැගෙන චෝදනා පිළිබඳව සිදුවන පරීක්ෂණවලට හමුදාවේ සහය නොලැබීම ගැන නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නව හමුදපතිවරයා පැවසුවේ වැරදිකළ පිරිස් තමන් කිසිසේත් ආරක්ෂා නොකරන බවය.

"කිසිම කෙනෙක්ට අපරාධයක් කරන්න බැහැ, හමුදාවේ සෙබලෙක්ට කොහොමත් බැහැ, හමුදා නීතියෙන් වගේම දණ්ඩ නීති සංග්‍රහයටත් අපි යටත්, අපි දෙපාරක් දඬුවම් ලබන කට්ටියක්, එහෙම වැරදි කවුරුහරි කරලා තියෙනවනම් නීතිය ඉදිරියට පමුණුවන්න ඕනේ" යනුවෙන් ඔහු පැවසීය.