ව්‍යවස්ථාව සහ අතුරුදහන් කිරීමේ පනත ගැන මහා නාහිමිවරු

වීඩියෝ ශීර්ෂ වැකිය, අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව ත්‍රෛනිකායික මහා නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය පවසති.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහා වූ පනත ශ්‍රී ලංකාවට නුසුදුසු බව ද අඟහරුවාදා මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට රැස් වූ මහා සංඝරත්නය තීරණය කර තිබේ.

අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන් ඒ බව සඳහන් කළේ අඟහරුවාදා අස්ගිරි මහා විහාරයීය මූලස්ථානයේ ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ දී ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් රැස් වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි.