ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩෙංගු: "අපි එන බයට තමයි පිරිසිදු කරන්නේ"
ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මෙම වසර ඇතුළත පමණක් මියගිය සංඛ්‍යාව 226 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වාර්තා සඳහන් කරයි.
2017 වසර තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 71,000ක් වාර්තා වී ඇති බවද සෞඛ්‍ය බලධාරීහු පවසති.
සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ඇතිව තාවකාලික වාට්ටු ඉදි කර ඇති බවය.
මේ අතරතුර කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එක්වී තොටළඟ ප්‍රදේශයේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සඳහා අද (ජූලි 03) මෙහෙයුමක් දියත් කළහ.
එහිදී මදුරුවන් බෝවන ස්ථාන රැසක් විනාශ කර දැමීමට හැකිවූ ආකාරය එහි ගිය බීබීසී සිංහල කණ්ඩායමට දැක ගත හැකි විය.