ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෝදි මැක්රෝන් හමු වෙයි
ප්‍රංශයේ සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැරිස් නුවරදී එරට නව ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් හමු විය.
එහිදී දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් දෙරටේ නායකයන්ගේ මූලික අවධානය යොමු වනු ඇත.
ප්‍රංශයේ සහ ඉන්දියාවේ නායකයන් අතර හමුව සිදු වන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේශගුණික විපර්යාස සම්බන්ධ පැරිස් ගිවිසුමට අත්සන් නොතබන බව පවසා දින කීපයකට පසුවය.
දේශගුණ විපර්යාසවලට බලපාන හරිතාගාර වායු විශාල වශයෙන් විමෝචනය කෙරෙන ලොව රටවල් අතර ඉන්දියාව තෙවන ස්ථානයේ පසු වේ.
සිය රට පැරිස් සම්මුතියට තවදුරටත් සහාය ලබා දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිකුරාදා (ජුනි 02) අවධාරණය කළේය.
ඉන්දියාව විසින් ප්‍රංශයේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානා ඇණවුම් කරනු ලැබීමෙන් අනතුරුව දෙරටේ සබඳතා මෑත වසර කීපය තුළ වර්ධනය වෙමින් පවතී.
න්‍යෂ්ටික බලය සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳවත් දෙරටේ නායකයන් අතර සාකච්ඡා පැවැත්වේ.