ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"මට ඉතිරි වුණේ පුතාගේ ඇඳුම විතරයි"
හොරණ බුලත්සිංහල යටගම්පිටිය ගම්මානය ජල පහරට හසු වීම හේතුවෙන් පස් හැවිරිදි දරුවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.
බුලත්සිංහල පාහියංගල කන්ද නාය යාමෙන් පසු ඊට පහළින් ගලා බසින නාගහ දොළ හරස් වීමත් සමග පිටාර ගැලූ ජල පහරට යටගම්පිටිය ගම්මානය හසු විය.
ජල පහරට හසුව සිය පස් හැවිරිදි පුතු මරණයට පත් වූ බව කියා සිටි එම ගම්මානයේ පියෙක් බලධාරීන්ට එහි ළඟා වීමට නොහැකි වීම හේතුවෙන් මරණ පරීක්ෂණයක් නොමැතිවම දරුවා භූමදානය කිරීමට සිදු වූ බව සඳහන් කළේය.
වැඩි විස්තර සඳහා: පාහියංගල නාය යාම: යටගම්පිටිය විනාශය දැන් තත්වය