"මුදල් ඇමතිකම නැති වුණේ ඊර්ෂ්‍යාකාරයන් නිසා විය හැකියි"
තමන් මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීම සඳහා බලපෑමක් එල්ල වූයේ නම් ඒ ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කීප දෙනෙකුගෙන් විය හැකි බව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසයි.
ඇමතිවරයා ඒ බව කියා සිටියේ ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා බලපෑමක් එල්ල වූයේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
"මම හිතන්නේ නැහැ එවැනි බලපෑමක් තිබුණා කියලා. නමුත් බලපෑමක් තිබුණා නම්, හැම දේශපාලන පක්ෂයකම ඊර්ෂ්‍යාවෙන් පෙළන අය ඉන්නවනේ. ඉතින් ඒ වගේ එක්කෙනෙක් දෙන්නෙක් හිටියහම හොඳටම ඇති හොඳට දුවන නැවක් අනෙක් පැත්ත හරවන්න" යනුවෙන් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම තමන් මුදල් ඇමතිවරයා වශයෙන් සිදු කළ කාර්ය භාරය පිළිබඳ සෑහීමකට පත් වන බව කී ඇමතිවරයා සිය ධුර කාලය තුළ 10% ව තිබූ දළ දේශීය නිෂ්පාදනය 15.5% දක්වා වර්ධනය කිරීමට හැකි වූ බව පැවසීය.


ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මුදල් ඇමතිවරයා වශයෙන් තමන් දූෂණය සහ නාස්තිය අවම කොට මහා භාණ්ඩාගාරයට මුදල් ලැබීමට සැලැස්වූ බවය.
"මම හිතන්නේ එතන දක්ෂතා පෙන්වූ නිසා වෙනත් තැනකත් ඒ දක්ෂතාව පෙන්වන්න තමයි අවස්ථාව දී තිබෙන්නේ" යනුවෙන් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය
කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ අමාත්‍යාංශ නවයක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු සඳුදා (මැයි 22) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්හ.
මුදල් ඇමති ධුරයේ වෙනසක් සිදු විය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉල්ලා සිටියා නොවේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ එවැනි වෙනසක් සිදු විය යුතු බවට රටේ ඉල්ලීමක් පැවති බවය.













