ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රේමයෙන් තොර ජීවිතයක් නෑ - වික්ටර් රත්නායක
ප්‍රේමයෙන් තොර ජීවිතයක් නොමැති බව පවසන ප්‍රවීණ සංගීත ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක, වියපත් වූ පමණින් ඒ අවශ්‍යතාවය වෙනස් නොවන බව අවධාරණය කරයි.
සංගීත ප්‍රසංගයකට සහභාගි වීම පිණිස ලන්ඩන් නුවරට පැමිණ සිටින ඔහු ඒ බව සඳහන් කළේ බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය සමග සජීවී සංවාදයකට සහභාගි වෙමිනි.
"බොහෝ දෙනාට මේක වටහා ගැනීමේ ශක්තිය අඩු ද මම දන්නේ නෑ, වයස්ගත වීමේදී ප්‍රේමයේ අරුත තවත් අරුත් බරව දැනෙනවා," ඔහු පැවසීය.
සිය දෙවැනි විවාහය පිළිබඳව ආචාර්ය වික්ටර් රත්නායක මාධ්‍ය වෙත අදහස් දැක්වූ පළමු වතාව මෙයයි.
"ඒ වගේම ප්‍රේමය, ආදරය, සෙනෙහස, කරුණාව, දයාව මේ සියලු දේ බලාපොරොත්තු වෙන්නෙත් මම හිතන්නේ වියපත් වීමේදී," ඔහු පැවසීය.
'තාරුණ්‍යය ගැන දුකයි'
අනුකරණවාදී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් සංගීත ක්ෂේත්‍රය තුළ නවක පරපුර හැසිරෙන අකාරය පිළිබඳව දැඩි කනගාටුවක් දැනෙන බවත් ප්‍රවීණ සංගීත ශිල්පියා සඳහන් කළේය.
තමන් එදා ගුවන් විදුලියේ කටහඬ පරීක්ෂණයේදී තමන්ගේම තනුවක් ගායනා කළ නමුත් නවක පරපුරේ බොහෝ ගායක, ගායිකාවන් නව නිර්මාණවලට යොමු නොවීම ඔහුගේ දැඩි විවේචනයට ලක් විය.
"අනුන්ගේ ගීතයක් ගයන තුරාවට ඔහුට ශිල්පියෙක් වෙන්න බැහැ. ඔහු ආධුනිකයෙක් පමණයි."