ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"කොහොම කළත් අන්තිමට තැලෙන්නේ බදු ගෙවන ජනතාව"
සුඛෝපභෝගී වාහන වෙනුවෙන් ජනතා මුදල් නාස්ති කළ බවට මහින්ද රාජපක්ෂ පරිපාලනය දැඩි දෝෂදර්ශනයට ලක් කළ වත්මන් පරිපාලනයට මේ ආකාරයෙන් සුඛෝපභෝගී වාහන අලුතෙන් ආනයනය කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස චෝදනා කරයි.
මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඇමතිවරුන් හය දෙනෙකු ඇතුළු පිරිසක් වෙනුවෙන් තවත් සුඛෝපභෝගී මෝටර් රථ හයක් ආනයනය කිරීම පිණිස රුපියල් කෝටි 33ක් ලබාගැනීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.
"ජනාධිපති ලේකම් කාර්යාලයේ පමණක් වාහන 1500 ක් පමණ තිබෙනවයි කියල ඒ කාලේ කිවුව. ඉතින් ඒ ලබාගත් අලුත් වාහන මේ ඇමතිවරුන්ටත් පාවිච්චි කරන්න බැරිකමක් නෑ," ඔහු පැවසීය.