ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාසල් ළමුන් අතර සමාජ රෝග පැතිරීමේ අවදානමක්?
ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍ය සායන කරා පැමිණෙන රෝගීන් අතර පාසල් ළමුන් ද සිටින බව වෛද්‍යවරු පවසති.
ලිංගිකව සක්‍රිය ඇතැම් පාසල් ළමුන් අනාරක්ෂිත ලෙස ලිංගික සම්බන්ධතා පැවැත්වීම මීට ප්‍රධාන හේතුවවී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසීය.
බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ මෙවැනි තත්වයක් යටතේ පාසල් ළමුන් අතර සමාජ රෝග පැතිරීමේ අවදානමක් මතුවිය හැකි බවය.
ලිංගිකව සක්‍රිය ළමුන්
"ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග වැළඳුණු පිරිස අතර සාමාන්‍යයෙන් වයස 25ත් 16ත් අතර අය ඉන්නවා සියයට දහයක් විතර. ඒ එක්කම වයස 20ට අඩු පාසල් යන ළමයි සියයට හතරක් පහක් විතර ඉන්නවා. මෙම රෝගීන් ඇත්තටම වර්තාවෙන්නේ ඔවුන් අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධකම් පවත්වන හින්ද. සාමාන්‍යයෙන් ලිංගිකව සක්‍රිය වෙන වයස අවුරුදු 12 හෝ 13න් පස්සේ ඇතැම් පාසල් ළමුන් ලිංගික සබඳතාවලට යොමුවෙනවා." යනුවෙන් වෛද්‍යවරයා පැවසීය.
ගුරු-ගෝල සබඳතාව
ළමුන් මෙම අවදානමින් මුදවා ගැනීම සඳහා ඔවුන්ට නිසි ලෙස ලිංගික අධ්‍යාපනයක් ලබාදීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.
ඒ සඳහා සැලසුම් කෙරෙන වැඩසටහන් පාසල් තුළ දියත්කිරීමට ඇතැම් විදුහල්පතිවරුන් අවසර ලබා නොදෙන බව ද වෛද්‍ය සිසිර ලියනගේ ප්‍රකාශ කළේය.
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිසි ලෙස ලිංගික අධ්‍යාපනයක් ලබා දීමටනම් ගුරු-ගෝල සබඳතාව පිළිබඳව ගුරුවරයා තුළ පවතින ආකල්පය ද වෙනස් විය යුතු බව ඔහු කියා සිටියේය.
ඔහු තවදුරටත් කියා සිටියේ ලිංගික අධ්‍යාපනය ලබාදීම පිළිබඳව ගුරුවරයාට විශේෂ පුහුණුවක් ලබාදීමද අත්‍යවශ්‍ය බවය.
එමෙන්ම තම දරුවන් ලිංගිකත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා දෙමාපියන්ද උනන්දු වියයුතු බවත් ඒ සඳහා මාපිය-දූ දරු සබඳතාව ඉතා මිත්‍රශීලීව පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි.