ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද?
ව්‍යාජ පුවත් පැතිර යාම හමුවේ පවතින අවදානම පිළිබඳ ශ්‍රී ලංකාවේ බලධාරීන් දැනුවත් දැයි යන්න ප්‍රශ්නාර්ථයක් බව සමාජ ජාල විශ්ලේෂකයෙකු සහ විද්‍යා ප්‍රබන්ධ ලේඛක නාලක ගුණවර්ධන පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ යුටියුබ් (YouTube) ආයතනය විසින් දියත් කරනු ලැබූ සමාජ ජාලවල පළවන ව්‍යාජ පුවත් හා බැඳුණු ගැටලුවලට විසඳුම් සෙවීමේ නව වැඩසටහනක් පිළිබඳ අදහස් දක්වමිනි.
එම වැඩසටහනට අනුව එක්සත් රාජධානිය තුළ වයස 13 - 18 ත් අතර වයස් ඛණ්ඩයේ දරුවන් ඉලක්ක කොට ඒ පිළිබඳ පුහුණු වැඩමුළු පැවැත්වීමට කටයුතු කරන බව යුටියුබ් ආයතනය සඳහන් කරයි.
එවැනි ව්‍යාජ පුවත්වලින් නොමග යා හැකි ළමා පරපුර බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේද?
වැඩි විස්තර සඳහා: ව්‍යාජ පුවත් ගැන ශ්‍රී ලාංකිකයන් දැනුවත්ද?