මුස්ලිම් ළමා විවාහ 'වැඩිවීමේ ප්‍රවණතාවක් '

වීඩියෝ ශීර්ෂ වැකිය, මුස්ලිම් ළමා විවාහ 'වැඩිවීමේ ප්‍රවණතාවක් '

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ළමා විවාහ සිදු කිරීම ක්‍රමයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව මුස්ලිම් මානව හිමිකම් ක්‍රියාධාරිනියෝ පවසති.

විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ තමන් කළ සමීක්ෂණයකට අනුව මුස්ලිම් ළමා විවාහ වසරක් ඇතුළත දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටෙගල් බීබීසී සිංහල සේවයට පැවසීය.

2014 වසරේ දී 14 % ක්ව තිබූ නැගෙනහිර පළාතේ මුස්ලිම් ළමා විවාහ 2015 වසරවන විට 22% ක් දක්වා ඉහළ ගොස් තිබූ බව ඇය සඳහන් කළේ බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය සමග සජීවී සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ ළමා විවාහ වැළැක්වීම පිණිස මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය (මුස්ලිම් පුද්ගල නීතිය) සංශෝධනය කළ යුතු බව එර්මීසා ටෙගල් ඇතුළු මුස්ලිම් ක්‍රියාධාරිනියෝ ඉල්ලා සිටිති.

ඉල්ලීමක්

Muslim marriage

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මුස්ලිම් පුද්ගල නීතිය අනුව දැරියන් විවාහ කරදීම සඳහා වයස් සීමාවක් නොමැති වුවත්, ළමා විවාහ මගින් බරපතල සමාජ ගැටළු මතුවන බවත් නීතිවේදිනී එර්මීසා ටෙගල් පෙන්වා දෙන්නීය.

line
line

එබැවින් මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය වසර 25 කට ආසන්න කාලයක් මුලුල්ලේ මුස්ලිම් ක්‍රියාධාරිනියන් පෙන්වා දෙමින් සිටින බවත් ඇය සඳහන් කළාය.

එම නීතිය සංශෝධනය කිරීමට විරුද්ධ නැතැයි මේ අතර බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ තව්හිඩ් ජමාආත් සංවිධානයේ ප්‍රකාශකයෙක්, කෙසේ නමුත් විවාහය සඳහා වයස් සීමාවක් පැනවීම පිළිබඳව සිය සංවිධානය දැඩි සේ විරෝධය පළකරන බවත් වැඩිදුරටත් පැවසීය.