ත්‍රිවිධ හමුදාවට එරෙහිව නඩු අහන්න මම ලෑස්ති නැහැ - ජනපති

වීඩියෝ ශීර්ෂ වැකිය, ත්‍රිවිධ හමුදාවට එරෙහිව නඩු අහන්න මම ලෑස්ති නැහැ - ජනපති

එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක බලපෑම යටතේ යුද හමුදාවට එරෙහිව චෝදනා පත්‍ර භාර දෙන්න හෝ නඩු ඇසීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ පලාලි යුදහමුදා කඳවුරේ දී ආරක්ෂක සේනාංක අමතමිනි.

'ජනපතිට කියන්න' නමින් ජනාධිපති ලේකම් කාර්යාලයක් විවෘත කිරීම සඳහා අද (මාර්තු 04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යාපනයේ සංචාරයක නිරත විය.

ත්‍රිවිධ හමුදාවට එරෙහිව නඩු අහන්න මම ලෑස්ති නැහැ - ජනපති

ජනාධිපතිවරයා එම කාර්යාලය විවෘත කිරීම සඳහා පැමිණෙමින් සිටියදී විශාල පිරිසක් මහමග හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වී සිටියහ.

පොලිසිය මැදිහත් වීමෙන් එම උද්ඝෝෂකයන් මාර්ගයෙන් ඉවත් කරනු ලැබුණි.

ත්‍රිවිධ හමුදාවට එරෙහිව නඩු අහන්න මම ලෑස්ති නැහැ - ජනපති

එම විරෝධතා පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා, අත්‍යවශ්‍ය කරුණකට හැර හැමදේකටම උද්ඝෝෂණ පැවැත්වීමෙන් 'විරෝධය පළ කිරීමේ වැදගත්කම හීනවෙමින් පවතින බව' කියා සිටියේය.

උතුරේ පමණක් නොව රටේ සෑම පළාතකම ජනතාව ප්‍රශ්න වලට මුහුණ දෙමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා, යාපනයේ ජනතාවට ඇති ප්‍රශ්න විසඳීම පිණිස ඉදිරි මාසතුන ඇතුළත තමන් අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සමග නැවතත් යාපනයට පැමිණෙන බවත් සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාවට එරෙහිව නඩු අහන්න මම ලෑස්ති නැහැ - ජනපති

සෑම අමාත්‍යවරයෙකු ම යාපනයට පැමිණ සිය අමාත්‍යංශයට අයත් කටයුතු නිම කොට ඒ පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවට දැනුම් දෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

රට තුළ යළි යුද්ධයක් ඇතිවීමට තමන් ඉඩ නොතබන බවත් උතුරේ ජනතාව සමග සුහදව සියළු දෙනාට වාසය කළ හැකි පරිසරයක් උදා කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.