ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාතාල කල්ලි ගැටුමක් - පොලිසිය
කළුතර මල්වත්ත බන්ධනාගාරය ආසන්නයේ දී සිරකරුවන් පිරිසක් රැගෙන ධාවනය වූ බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්රහාරය 'පාතාල කණ්ඩායම් දෙකක්' අතර හටගත් ගැටුමක ප්රතිඵලයක් ලෙස සිදුවූවක් බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
එම ප්රහාරයෙන් මියගිය අය අතර 'සමයං' හෙවත් අරුණ දමිත් උදයංග ඇතුළු සිරකරුවන් පස්දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ද වූහ.
කළුතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් බන්ධනාගාර නිලධාරියකු මියගොස් ඇති අතර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනෙක් නිලධාරියා මියගොස් තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනකු රෝහලේ ප්රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.