ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිංසනයට ලක්වූ ගෘහ සේවිකාවන් යළි දිවයිනට
මැදපෙරදිග රටවල දී වධහිංසාවන්ට ලක්වූ සීයකට අධික ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගය ඇතිව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් යළි සියරට ළඟාවිය.
එම කාන්තාවන්ට ගමන් ගාස්තු ද ලබා දී නිවෙස් බලා පිටත්කර හැරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
සෞදි අරාබියේ සහ කුවේටයේ ගෘහ සේවයේ නිරතව සිටිය දී විවිධ වධ හිංසාවන්ට ලක්වූ කාන්තාවන් කණ්ඩායමක් එපරිද්දෙන් ආපසු පැමිණි අතර වයස අවුරුදු දාහතරේ දී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් විදේශගත වූ කාන්තාවක් ද ඔවුන් අතර සිටින බව විදේශ සේවා නියුක්තිකයන් භාර ඇමතිනී තලතා අතුකෝරල අද (22) පැවැත්වුන මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළාය.
ව්‍යාජ ඒජන්සිකරුවන් මගින් විදේශ ගතවීම වැළක්වීමට පියවර ගන්නා බවත් ඇමතිවරිය සඳහන් කළාය.
එම කාන්තාවන්ට ගමන් ගාස්තු ද ලබා දී නිවෙස් බලා පිටත්කර හැරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.