'මොරගහකන්දෙන්' අසරණවූ සතුන්ට සරණක්
මොරගහකන්ද ජලාශය පිරවීමේදී ජලයෙන් යට වූ කලාපයේ සතුන් බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සහ තරුණ පරිසරවේදීහු එක්ව මෙහෙයුමක් දියත් කළහ.
පසුගිය ජනවාරි 11 වෙනිදා ජලාශයට ජලය පිරවීම ආරම්භ කළ අතර මේ වනවිට එහි සම්පූර්ණ වපසරියෙන් සියයට එකොළහක ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබේ.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සහ මහවැලි නිලධාරීන් පිරිසක් ද මෙහෙයුමට එක් වී සිටියහ.
එළෙස මුදාගනු ලැබූ සතුන් ආරක්‍ෂිත ප්‍රදේශ වෙත මුදා හැරීමට ඔවුහු කටයුතු කළහ.
මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ධාරිතාව ඝන ලීටර් මිලියන 570 කි.
