කැබිනට් සංශෝධනයකට 'හොඳ වෙලාව'
ශ්‍රී ලංකාවේ කැබිනට් සංශෝධනයක් සඳහා සුදුසු කාලය එළඹී ඇතැයි විශ්වාස කරන බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ පවසයි.
ඇමතිනිය ඒ බව ප්‍රකාශ කළේ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති උත්වයකින් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
"මම හිතනවා මේක හොඳ වෙලාව සහ කළයුතුයි කියලා. ඒ ගැන ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් යම් තීරණයකට ඇවිල්ලා තියනවා කියලා මගේ විශ්වාසය," යනුවෙන්ද ඇමතිනිය සඳහන් කළාය.