ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇන්ජලෝ සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය කුමක්ද?
දකුණු අප්‍රිකානු සංචාරයේ එක්දින හා විස්සයි විස්ස තරග හොඳින් ක්‍රීඩා කළහොත් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය සම්බන්ධයෙන් නැගෙන ප්‍රශ්න නවතිනු ඇතැයි ද එසේ නොවුවහොත් එම ප්‍රශ්න නැවත මතුවිය හැකි යැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය පවසයි.
ඇතැම් මාධ්‍ය ඊයේ (ජන. 18) වාර්තාකර තිබුණේ, දකුණු අප්‍රිකානු සංචාරයෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්කිරීම සඳහා, පසුගිය අඟහරුවාදා ක්‍රිකට් ආයතනයේ පැවති රැස්වීමකදී බලධාරීන් තීරණය කළ බවය.
එහෙත්, අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල එම වාර්තා බැහැර කළ ද, 2019 ලෝක කුසලානය තෙක් ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ තබා ගැනීම පිලිබඳ ක්‍රිකට් ආයතනයේ ඉලක්කය රඳා පවතින්නේ ඔහු ක්‍රීඩා කරන ආකාරය අනුව බව පෙන්වා දුන්නේය.
දකුණු අප්‍රිකානු ටෙස්ට් පරාජය, පිතිකරු ලැයිස්තුව වෙනස් කිරීම, කුසල් ජනිත් වැනි ප්‍රහාරාත්මක පිතිකරුවකු ටෙස්ට් තරගයක අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරවීම මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිකරන ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් බීබීසී යොමු කළ ප්‍රශ්නවලට ලැබුණු ප්‍රතිචාර මෙම වීඩියෝවෙන් නරඹන්න.