ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සින්නක්කර ඉඩම් දීමක් ගැන දැනගත්තේ අදයි -බන්ධුල
පෝට් සිටි ව්‍යාපෘතියේදී මුහුද ගොඩකර නිමැවෙන භූමියෙන් කොටසක් අදාළ චීන සමාගමට සින්නක්කරව පැවරීමට පසුගිය ආණ්ඩුව පියවර ගෙන තීබීයැයි තමන් දැනගත්තේ අද බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය අද (ජන. 17) පැවැත්වූ මාධ්‍ය හමුවේදී බීබීසී වාර්තාකරු මතු කළ කරුණක් පදනම් කරගනිමිනි.
පසුගිය අඟහරුවාදා (ජන.10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ පෝට් සිටි ව්‍යාපෘතියට අදාල ගිවිසුමෙන් චීන සමාගමට සින්නක්කරව ඉඩම් ලබාදීමට පසුගිය රජය එකඟ නොවුණු බවය.
මුහුද ගොඩකර
එවැන්නක් සඳහන් ගිවිසුමක් වේනම් එහි පිටපතක් තමන්ට සපයන ලෙසත් එය තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ද වැදගත්වන බවත් මන්ත්‍රීවරයා එදින ප්‍රකාශ කළේය.
අද පැවති මාධ්‍ය හමුවේ දී බීබීසී වාර්තාකරු විසින් අදාළ ගිවිසුමේ පිටපතක් බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අතට පත්කිරීමේදී ඔහු කියා සිටියේ පසුගිය රජය එකඟවී ඇත්තේ "මුහුද ගොඩකිරීමෙන් පසුව හැදෙන මහ පොළොවෙන්" කොටසක් සින්නක්කරව ලබා දෙනු විනා ශ්‍රී ලංකාවේ පවතින ගොඩබිමෙන් කොටසක් නොදෙන බවටය.