“සම්පුර්ණ ව්‍යවස්ථා වෙනසකට ජනවරමක් නැහැ”
'මීළඟ ජනාධිපතිවරණය' තෙක් විධායක ජනාධිපති ධුරය පවතින බවත් එහිදී සිය පක්ෂයේ ජනාධිපති ධුරාපේක්ෂකයා වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන නම් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 'තීන්දුව' බවත් සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්. බී. දිසානායක අවධාරණය කරයි.
රටේ ඒකීයභාවය හා ස්වෛරීභාවය රැකගැනීම සඳහා විධායක ජනාධිපති ධුරයේ අවශ්‍යතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දකින බව පෙන්වා දුන් අමාත්‍ය දිසානායක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් වෙනස්කොට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමට ජනතාව පවතින රජයට "වරමක් දී නැහැ" යැයි ද කියා සිටියේය.
අද (ජන.12) පෙරවරුවේ මල්වතු මහා විහාරීය මහා නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේය.
කෙසේවෙතත්, ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අවධාරණය කළේ 'ජනවාරි 8' වෙනිදා වූ පොරොන්දු ප්‍රකාරව විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවය. එසේම වසර 2020 දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව ද ඔහු සඳහන් කළේය.

