හාබින්: දියනොවන චීන හිමපුර අසිරිය
චීනයේ වාර්ෂිකව පැවැත්වෙන 'හාබින්' ජාත්‍යන්තර හිම සහ අයිස් සැණකෙළිය මෙවරත් ආරම්භ විය.
ඒ සඳහා අයිස් යොදා ගනිමින් නිර්මාණය කරන ලද මන්දිර සහ වර්ණවත් අයිස් මූර්ති එකතුවක් ඉදිරිපත් කොට තිබිණ.
'හාබින්' නගරය, චීනයට අයත් දැඩි ශීත දේශගුණයක් පවතින ප්‍රදේශ අතුරින් එකකි.