ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර: බොදුබල සේනා විග්‍රහය
අලුත්ගම ඇතුළු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාර පිටුපස සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කටයුතු කරන පිරිසක් බවට සාක්ෂි ඇතැයි බොදුබල සේනා සංවිධානය පවසයි.
"ඔවුන්ගේ ගෝලයෝ, දැනුත් එකට ඉන්න, දැනුත් අපට විරුද්ධව කතා හදන කණ්ඩායමක් තමයි ඒ පහරදීම් කළේ කියලා අපට සාක්ෂි තිබෙනවා," බොදුබල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ කියා සිටියේය.
බොදුබල සේනා සංවිධානයේ විධායක නිලධාරි ඩිලන්ත විතානගේ එම ප්‍රකාශය කළේ තම පාලනය බිඳ හෙළීමට බොදුබල සේනා සංවිධානය සම්බන්ධ වූ බවට හිටපු ජනාධිපතිවරයා පසුගියදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මුස්ලිම් ජනතාවට පහරදී සැළසුම් සහගත ලෙස තමන්ගෙන් ඔවුන් ඈත් කළ බවටත් හිටපු ජනාධිපතිවරයා බොදු බල සේනා සංවිධානයට චෝදනා කොට තිබිණි.
එම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් ඩිලන්ත විතානගේ සඳහන් කළේ, මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල වූ ප්‍රහාරවලට බොදුබල සේනා සංවිධානයේ හෝ ඥානසාර හිමියන්ගේ සම්බන්ධයක් නොමැති බවය.
තම සංවිධානයට එරෙහිව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන ලද මාධ්‍ය ආයතන, පුද්ගලයන් හෝ සංවිධානවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් බොදුබල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ වැඩිදුරටත් පැවසීය.