ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"සමාජ මාධ්‍ය පාලනය කිරීමේ අදහසක් නැහැ"
සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා නීති ගෙන ඒමට රජය අදහස් නොකරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය පවසයි.
බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය පාලනය කරන ක්‍රමවේද ලෝකයේ නොමැති බවය.
එසේ වීනම් ඒවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම නොවන බව ඔහු පැවසුවේය.
සමාජ මාධ්‍ය ගැන ඇතිකරගත් කතිකාව විය යුත්තේ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම බව පැවසූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනටමත් එවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ගැන රජයේ අවධානය යොමුවී ඇති බව පැවසීය.
සාමාජ මාධ්‍ය යොදාගෙන ජාතිත් අතර වෛරය ඇතිකරන ආකරයේ ක්‍රියා සිදුවීම ගැන විමසීමේදී ඔහු පැවසුවේ මෙය ලෝකයේ රටවල් ගණනාවකට දැන් ගැටලුවක් වී ඇති අතර වෛරී භාෂාව පාලනය කිරීම සඳහා යම් නීතියක් අවශ්‍ය බවය.
කෙසේ වෙතත් එවැනි නීති තම ප්‍රතිවාදියාට පහරදීමට මෙවලමක් කර ගනු ඇතැයි යන බිය සමාජයේ ඇතැම් අය අතර ඇති බවද පෙන්වා දුන්නේය.