ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මේ ආණ්ඩුව සුපිරි ඇමතිලා හදන්නේ නැහැ - මලික්
යෝජිත සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත හරහා 'සුපිරි ඇමතිවරයෙකු' බිහි නොවන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි.
අද (දෙසැ. 21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ නව පනත් කෙටුම්පතේ අරමුණ ආයෝජකයන්ට පහසුකම් ලබාදීම විනා විපක්ෂය චෝදනා කරන පරිදි සුපිරි ඇමතිවරුන් බිහි කිරීම නොවන බවය.
ආයෝජකයන්ට අවශ්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගැනීමට අවස්ථාව සැලසෙන මෙම පනත
ලබන වසරේ පෙබරවාරි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවේය.
චීනය සමග ඇතිකරගත් එකඟතාවන් අනුව දකුණු පළාතේ ඉදිරි වසර පහ- හය තුළ කර්මාන්තශාලා 2400ක් බිහිවීමට නියමිත බව පැවසූ අමාත්‍ය මලික් සමරවික්‍රම එමගින් රැකියා අවස්ථා ලක්ෂ 4ක් බිහිවන බව සඳහන් කළේය.
කර්මාන්ත ශාලා සඳහා ලබාදෙන අක්කර 15,000 ක ප්‍රමාණයෙන් 90%ක් පමණ රජයේ ඉඩම් වනු ඇති බව ඔහු පවසයි.
මාධ්‍යවේදීන් සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳව හා දකුණු පළාතේ සිදුවන චීන ආයෝජන ගැන නැගූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරු ඉහත විඩියෝවෙන් නැරඹිය හැකිය.