ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ජනපති ඝාතන කුමන්ත්‍රණයක්"
ඡ්‍යෝතීර්වේදියෙකු ලෙස පෙනී සිටිමින් විජිත් රෝහණ විජයමුණි නමැති පුද්ගලයා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයමින් තිබෙන ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක කොටසක් බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ පවසයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනවාරි මස 26 වැනිදාට පෙර මියයන බව පවසමින් එම පුද්ගලයා විසින් සමාජ මාධ්‍ය ජාල තුළ පළ කරනු ලැබ ඇති වාර්තා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන මෙන් අමාත්‍යාංශ ලේකම්වරයා පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා විසින් සිදු කරනු ලබන ප්‍රකාශය අසත්‍යයක් බව ඡ්‍යෝතීර්වේදයට අනුවම තමන්ට ඔප්පු කළ හැකි බව නීතිඥ නිමල් බෝපගේ කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගිය වසරේ පෙබරවාරි 04 වැනි දින නිදහස් උත්සවය අවස්ථාවේදීත් ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහයක් පැවති බව මීට ඉහතදී ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.