ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මාගම්පුර පහරදීමට එරෙහිව මාධ්‍යවේදීන් වීදියේ
හම්බන්තොට මාගම්පුර වරාය පරිශ්‍රයේ ගෙනයමින් ඇති සේවක විරෝධතා ව්‍යාපාරය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට නාවික හමුදාව විසින් පහර දෙනු ලැබීම හෙලා දකිමින් ගම්පහ ජනමාධ්‍ය එකතුවේ මාධ්‍යවේදීහු අද (දෙසැ13) විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ.
ගිනිඅවි නොව කැමරා සහ පෑන් රැගෙන වාර්තාකරණයට ගිය මාධ්‍යවේදීන්ගේ ගෙලෙන් අල්ලා පහරදෙනු ලැබීම 'නින්දිත ක්‍රියාවක්' වන බව උද්ඝෝෂණයට එක්ව සිටි මාධ්‍යවේදීහු ප්‍රකාශ කළහ.
නාවික හමුදාපතිවරයා පමණක් නොව ඔහු අනුගමනය කරන නිල ඇඳුම් හැඳගත් සෙබළෙකු ද මාධ්‍යවේදීන්ට T 56 අවියකින් පහර දෙන ආකාරය වීඩියෝ පටවල දැක්වෙන බව උද්ඝෝෂණයට එක්වූ ක්‍රියාධරයෙක් පැවසීය.
පසුගිය පාලන සමයේ සිදු කෙරුණ මාධ්‍ය දඩයම නතර කරන බවට ප්‍රතිඥා දුන් මෙම රජයත් එම මාවතේම ගමන් කරන බව විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටි මාධ්‍යවේදීහු පෙන්වා දුන්හ.
රජයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට 'මාධ්‍යවේදීන් අතින් ආචාරධර්ම උල්ලංඝනය කිරීමක් සිදුවී' ඇත්නම් ඔවුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසත් ඔව්හු ඉල්ලා සිටියහ.