ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"පොලිස්පති වැරදියි, කරුණු විමසනවා" - ජනපති
'නිලමේ' නැමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ප්‍රසිද්ධ වේදිකාවක කළ දුරකථන සංවාදය වැරදි සහගත බවත් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඊයේ (නොවැ 30) මාධ්‍යවල විකාශයවූ පොලිස්පති පුජිත් ජයසුන්දරගේ දුරකථන සංවාදය ගැන අද (දෙසැ 01) පාර්ලිමේතුවේදී නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එම දුරකථන සංවාදය පිළිබඳ පාර්ලිමේන්තුවේ දී විමලවීර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ අතර පොලිස්පතිවරයා පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට කැඳවීමෙන් වැළක්වීමට උත්සාහ කරන්නේ දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ මහේෂ් ගුණවර්ධන දැයි විමසුවේය.
තමා ද එම සංවාදය මාධ්‍ය තුළින් දුටු බව පැවසූ ජනාධිපතිවරයා එය වැරදි ක්‍රියාවක් බවත් පොලිස්පතිවරයාගෙන් ඒ පිළිබඳ විමසීමට බලාපොරොත්තුවන බවත් පැවසීය.
මාධ්‍යට ඇසුණු පොලිස්පතිවරයාගේ දුරකථන සංවාදය හා ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝ පටය නරඹන්න.