ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ශ්‍රී ලාංකිකයන් තිස්දෙදෙනෙක් IS සටන් බිමේ'
ශ්‍රී ලාංකික පවුල් හතරකට සම්බන්ධ 32 දෙනෙකු සිරියාවට ගොස් ISIS හෙවත් 'ඉස්ලාමීය රාජ්‍යය' කැරලිකාර සංවිධානයට සම්බන්ධ වී තිබෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
ඔවුන් සියලු දෙනා සාමාන්‍යයෙන් 'උගත් සහ වැදගත්' ලෙසින් සමාජයේ සම්මත පවුල්වල සාමාජිකයන් බවත් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
එමෙන්ම මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වලට දේශන පැවැත්වීම පිණිස සංචාරක වීසා ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැම් පුද්ගලයන් කුරුණෑගල, කල්මුනේ, බේරුවල, කල්එලිය වැනි ප්‍රදේශවල මුස්ලිම් දරුවන්ගේ 'මනස විකෘති කරන බව' හෙළි වී ඇතැයිද අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.
විදේශ බුද්ධි අංශ කිහිපයක් කලෙක සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව පවසන අධිකරණ අමාත්‍යවරයා, මෑතක සිට ඔවුන් 'වැඩි වේගයකින්' සිය කටයුතු පවත්වාගෙන යන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.