ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උතුරේ ඉඩම් යළි පැවරීම: ගෝඨාභයගෙන් පැහැදිලි කිරීමක්
2015 වසරේ නව ආණ්ඩුව බලයට පත් වන විට හමුදාව යටතේ පැවති උතුරේ ඉඩම්වලින් 90% ක් යළි සාමාන්‍ය ජනතාව වෙත ලබා දී තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.
පශ්චාත් යුද සමයේ රට තුළ ස්ථාවරත්වය ඇති කරනුවස් පැවති ආණ්ඩුව විසින් විශාල වැඩකොටසක් සිදු කරනු ලැබුවත් එය ජනතාව අතරට නොගිය බව හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ විශ්‍රාමික රියාද් අද්මිරාල් මොහාන් විජේවික්‍රම සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජීඒ චන්ද්‍රසිරි විසින් රචිත ග්‍රන්ථයක් එළිදැක්වීම සඳහා කොළඹ පැවති උත්සවයට සහභාගී වෙමිනි.
උතුරේ පිහිටි අත්‍යවශ්‍ය හමුදා කඳවුරු සහ භූමි හැර සෙසු සියලුම ඉඩම් සහ නිවාස යළි මුල් අයිතිකරුවන් වෙත ලබා දීමට පැවති ආණ්ඩුව ක්‍රියා කළ බව කියා සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා 'මේ තත්වය ජනතාව අතරට ගියේ නැහැ.' යනුවෙන් සඳහන් කළේය.