මරුමුවට පත් යාපනයේ සරසවි සිසුන් වෙනුවෙන් වන්දි

ඡායාරූප මූලාශ්‍රය, Jaffna University Student's Union
මරුමුවට පත් යාපනය සරසවි සිසුන් දෙදෙනා වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කරයි.
එසේම සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වන පරිදි ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසත් නියෝග කළ බව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක දැක්වේ.
සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් තමා කණගාටුවට පත් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.
අදාළ මරණ සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකපිට පොලිස් නිලධාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් පස්දෙනාගේ සේවය අත්හිටුවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිකුරාදා පැවසීය.
යාපන පොලිසිය මීට ඉහතදී කියා සිටියේ කන්කසන්තුරේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සිසුන් දෙදෙනා හදිසි අනතුරකින් මරුමුවට පත් වූ බවය.
මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී එක් සිසුවකුගේ සිරුර තුල තිබී වෙඩි උණ්ඩයක් හමු වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බීබීසීය කළ විමසීමකදී සනාථ කළේය.






