ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කල්පිටියේ ධීවර විරෝධය ගැටුමකට පෙරළෙයි
කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ අද (ඔක්. 21) පැවැති ධීවර උද්ඝෝෂණයක් අතරතුරදී ගැටුමක් හටගැනිණ.
නීතිවිරෝධී දැල් ආම්පන්න භාවිතයට එරෙහිව එම උද්ඝෝෂණය පැවැත්වෙන අතරේදී චෝදනාවට ලක්වූ ධීවරයින් පිරිසක් එම ස්ථානයට පැමිණීම ගැටුමේ ආරම්භයවී ඇත.
බෝට්ටු කිහිපයක්, යතුරු පැදි කිහිපයක් හා කුඩා ලොරියකට ද එහිදී ගිනි තබා ඇති බව පොලිසිය පැවසීය.
ඒ අනුව, තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය කැඳවීමට ද පොලිසියට සිදුවිණ.
පුත්තලම, කල්පිටිය මාර්ගය අවහිරකරමින් පැවැති එම විරෝධතාව අවසන්කරන ලෙස පුත්තලම අධිකරණයෙන් නිකුත් කරන ලද නියෝගයකින් අනතුරුව විරෝධතාව නිමාවට පත්විය.
ගැටුමේදී තුවාල ලැබූ හය දෙනෙකු රෝහල්ගතකර තිබේ.