'නාවික හමුදාපතිවරුන් අධිකරණයට කැඳවූයේ ඇවන් ගාඩ් උපදේශකයන් නිසා'

වීඩියෝ ශීර්ෂ වැකිය, වසන්ත සමරසිංහ

ඇවන් ගාඩ් සමාගමට සම්බන්ධ නඩුවට නාවික හමුදාපතිවරුන් අධිකරණයට කැඳවන්නේ ඔවුන් විශ්‍රාම යාමෙන් පසු එම සමාගමේ උපදේශකයන්වීම හේතුවෙන් මිස ඔවුන් නාවික හමුදාපති ධුරයේ නිරතවූ රාජකාරි සඳහා නොවන බව දුෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

ඔහු මේ අදහස් දැක්වූයේ නාවික හමුදාපතිවරුන් අධිකරණයට කැඳවීම පිළිබඳ සිය අප්‍රසාදය පළකරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (ඔක්. 12) කළ කතාවට ප්‍රතිචාර දක්වමිනි.

"විශ්‍රාම ගියාට පස්සේ කෙනෙකුට රස්සාවක් කරන්න අයිතියක් තිබෙන බව අපි කවුරුත් පිළිගන්නවා, ඉතින් ඒ රස්සාව කරපු තැන ප්‍රශ්නයක් වුනහම එතන හිටියේ කවුද කියල වැඩක් නැහැ නීතියට"

'අභ්‍යන්තර ගැටුමක්'

ජනාධිපතිවරයා අල්ලස් කොමිසම, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවේචනය කරමින් කළ ප්‍රකාශය එම ආයතනවල ස්වාධිනත්වයට හා ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක් එල්ලකරනු ඇති බව දුෂණ විරෝධී හඬ සංවිධානයේ වසන්ත සමරසිංහ බීබීසිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වාදුණි.

"ආණ්ඩුව ඇතුලේ අභ්‍යන්තර ගැටුමක් තියෙනවනම් ඒක ඒ අය බේරගන්න එපැයි, හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක මේ ආයතනවලට ගැටුමක් නේ, ඒවායේ ක්‍රියාකාරිත්වයට බලපෑමක් නේ, ඒක වැරදියි"

පැවැති රජයට එරෙහි චෝදනා පිළිබඳව මෙන්ම තම රජයේ ඇමතිවරුන්ට එල්ලවී ඇති චෝදනා පිළිබඳව ද විමර්ශනය කරන ලෙස ජනාධිපතිවරයා කිසිවිටක මෙම ආයතනවලින් ඉල්ලා නැති බව ද ඔහු සඳහන් කළේය.

('දුෂණ විරෝධී හඬ' සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සමඟ කළ සාකච්ඡාව ඉහළ විඩියෝවෙන් නරඹන්න).