ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නියඟයෙන් පීඩා විඳින පොළොන්නරුව
පවතින වියලි කාලගුණය හේතුවෙන් පොළොන්නරු දිස්ත්‍රික්කයේ සෝමාවතී ත්‍රිකෝණ මඩු රක්ෂිතයත් සෝමාවතී රක්ෂිතයත් යා කෙරෙන ජලය සිඳී යමින් තිබෙන මහවැලි තැන්න වැව වෙත ජලය සොයා වන අලි රංචු පිටින් පැමිණෙන අයුරු මේ දිනවල දක්නට ලැබෙන සුලබ දසුනක්.
මෙලෙස ජලය සොයා පැමිණි 30 කට අධික වන අලි රංචුව අතර පැටවුන් 10 දෙනෙකු පමණද එහි සංචාරයක යෙදුන රාහුල් සමන්ත හෙට්ටිආරච්චිට දැකගන්නට ලැබිණ.
පවතින නියඟය හේතුවෙන් වැලිකන්දේ ජනතාව මෙන්ම වන සතුන්ද පානීය ජල හිඟයෙන් පීඩාවට පත්ව තිබෙන බවයි, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එච් එස් කේ ජේ බණ්ඩාර පවසන්නේ.
"විශේෂයෙන්ම අලි 400 ක් පමණ ඉන්න මේ ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම ඉහලින්ම තිබෙන ප්‍රදේශයක්. ඒ නිසා මිනිස්සුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙන්ම සතුන්ට ඕන නිසා අපි මහවැලි ඇළ මාර්ග ඔස්සේ වැවු සඳහා මහවැලිය මගින් ජලය ලබාදීමට කටයුතු කරනවා," ඔහු පැවසීය.
මේ වන විට වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 8527 ක පුද්ගලයින් 29248 දෙනෙකු නියඟය හේතුවෙන් පීඩාවට පත් වී තිබෙන බවත් ඔහු පැවසීය.
සිය කොට්ඨාශයේ පාසල් 18 සඳහාත් ජලය නොමැතිවීම හේතුවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් පීඩාවට පත් වී සිටින බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක ගණනාවක ලක්ෂ පහකට අධික ජනකායක් දැඩි වියලි කාලගුණය හේතුවෙන් පීඩා විඳින බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.