ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කල්පිටිය හැඩ කරන දිය මත පා වෙන සරුංගල්
කල්පිටිය වෙරළ තීරයේ දිය මත පා වෙන සරුංගල් (Kite Surfing) ක්‍රීඩාව දේශීය සහ විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇත.
මෙම ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව සංචාරක කර්මාන්තයේ නිරත කල්පිටියේ ජනතාව සහ ක්‍රීඩා සංගම් පවසති.
මීට වසර පහකට ඉහතදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ දිය මත පා වෙන සරුංගල් ක්‍රීඩාව සඳහා විදේශීය සංචාරකයන් කල්පිටිය වෙරළට ඇදී එන නමුත් එහි අවශ්‍ය තරම් යටිතල පහසුකම් නොමැති බවයි සංචාරක කර්මාන්තයේ නිරත ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ.
කල්පිටිය වෙරළ තීරය තුළ දිය මත පා වෙන සරුංගල් ක්‍රීඩාව තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි ඔවුන් පවසන්නේ.
සංචාරක මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව පසුගියදා කල්පිටිය වෙරළ තීරයේ දිය මත පා වෙන සරුංගල් තරඟයක් පැවැත්විණ.
ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ද එක් වී සිටියහ.
විදේශීය ක්‍රීඩකයන් පරාජය කොට තරඟ ඉසව් කීපයක ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූ බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.