ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'කොළඹ කුණු අපට එපා'
කොළඹ නගර සීමාවට අයත් කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද ජාඇල රජයේ ඉඩමකට බැහැර කිරීමේ සැලසුමට විරෝධය පා ජාඇල ඒකල ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරත වූහ.
කුණු කන්ද සිය ප්‍රදේශයට බැහැර කිරීමේ සැලසුමට එරෙහිව පෙළ ගැසෙන බවයි මහජනයාට එක්ව සිටි ආගමික නායකයන් අවධාරණය කළේ.
ඒකල මඩම මංසන්ධියේ පැවති විරෝධතා ව්‍යාපාරය සඳහා ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ.
එම විරෝධතාව හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් ගමනාගමනයට බාධා එල්ල වූ බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.