පෙරුම් පුරා මක්කම යන ඉස්ලාම් බැතිමතුන්

වීඩියෝ ශීර්ෂ වැකිය, හජ් වන්දනාව ගැන මේ කරුණු දැන සිටියාද?

වාර්ෂික ඉස්ලාම් වන්දනා සමය හජ් නමින් හඳුන්වන අතර වන්දනාකරුවෝ නබිනායකතුමන්ගේ ජීවිතය හා බැඳුණු සෞදි අරාබි පුද බිම් වන්දනා මාන කරති.

ඉස්ලාම් ආගමේ අනිවාර්ය පිළිවෙතක් වන හජ් වන්දනාව ඉස්ලාම් දහමේ ප්‍රධාන ධර්ම කුලුණු පහෙන් එකකි.

ලක්ෂ විස්සක් ඉස්ලාම් භක්තිකයන් වාර්ෂික හජ් වන්දනාවේ යෙදෙති.

හජ් වන්දනා සමයේ දැඩි අවධානයක් ආරක්ෂක විධිවිධාන කෙරෙහි යොමු වේ.

2015 වසරේදී දොඹකරයක් කඩා වැටීමෙන් වන්දනාකරුවන් එකසිය නව දෙනකු මරුමුවට පත් විය.

ආරක්ෂාව අතින් අනතුරු මතු වුවත් ජීවිතයේ එක් වරක් හෝ මක්කම වැඳ පුදා ගැනීම ඉස්ලාම් බැතිමතුන්ගේ අධිෂ්ඨානයයි.