ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
‘නිර්මාණශීලී මිනිසුන් බිහි නොවන සමාජ විපර්යාසයක්’
ශ්‍රී ලංකික සමාජය තුළ නිර්මාණශීලී මිනිසුන් බිහි නොවන අන්දමේ විපර්යාසයක් වී ඇති බව තරුණ සිනමාකරුවෙකු වන විමුක්ති ජයසුන්දර පවසයි.
බූසාන් සිනමා උළෙලට සම්බන්ධ 'ආසියානු සිනමා ඇකඩමියේ' ආචාර්ය මණ්ඩලයේ සේවය කිරීම සඳහා දකුණු කොරියාව බලා පිටත්වයාමට සුදානමින් සිටින ඔහු මේ බව පැවසුවේ බීබීසීයේ එස් එල් සෙනෙහෙධීර සමග සංවාදයකට එක්වෙමින්.
රටක් ලෙස සලකද්දී ශ්‍රී ලාංකික සමාජයේ රසාස්වාදය පිලිබඳ විශාල පසුබැසීමක් ඇති බව පවසන විමුක්ති ආසියානු සිනමා ඇකඩමියේ අදුරු මඩුල්ලට සම්බන්ධවීමට තමන් ලැබූ අවස්ථාව තුලින් සිනමාව පිලිබඳ හැදෑරීමේ අවශ්‍යතාවය පිලිබඳ හැඟීමක් ශ්‍රී ලංකික සිනමාවට පිවිසෙන්නන් තුළ ඇති කිරීමට හැකිවෙනු ඇති බවටයි විශ්වාසය පළ කරන්නේ.
විමුක්ති ජයසුන්දර සමග පැවති සම්පුර්ණ සාකච්ඡාවට ඉහත හඬපටයෙන් සවන්දෙන්න.