ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බැන් කි මූන් ගාල්ලේ සංචාරයක
තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් අද (සැප් 01) ගාල්ලට ළඟා විය.
'සංහිඳියාව සහ සහජීවනයේ දී තරුණ පරපුරේ භූමිකාව' යන මැයෙන් පැවැත්වෙන සමුළුවකට සහභාගි වීම සඳහා ගාල්ලට පැමිණි මහ ලේකම්වරයා අනතුරුව ගාලු කොටුවේ පිහිටි ශ්‍රී සුධර්මාලය විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් හි නිරත විය.
මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා එම ප්‍රදේශයේ වෙනත් ආගමික නායකයෝ ද පැමිණ සිටියෝය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කි මූන් හෙට යාපනේ සංචාරයක නිරත වීමට නියමිතයි.