ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මායා: 'සංක්‍රාන්ති ලිංගිකයන්ටත් සමාන අයිතීන් තිබිය යුතුයි'
සංක්‍රාන්ති ලිංගිකයන්ටත් අනෙක් සියලු දෙනාට මෙන් සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව සිනමා රංගන ශිල්පී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.
විශේෂයෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකා සමාජය තුළ කිසිවකුත් ඉදිරිපත් නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අසාධාරණයට එරෙහිව නැගී සිටින සංක්‍රාන්ති ලිංගික තරුණියකගේ චරිතයක් වටා ගෙතුණු 'මායා' චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වමිනි.
''තමුන් නොකළ වරදකට, දෙමව්පියන් නොකළ වරදකට මේ දරුවන්ට වෙන අසාධාරණය. මේ අය ගැන කතා කරන්න කවුරුත් නැහැ.''
''අපි ඩෙංගු හැදුණා කියලා මිනිහෙක් මරණවද?, උණ සන්නිපාතය හැදුණා කියලා මිනිහෙක් මරණවද? එතකොට මේ දරුවන් කළ වරද මොකක්ද?''
ඉදිරියේදී එළිදැක්වීමට නියමිත 'මායා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එවැනි චරිතයක් නිරූපණය කිරීම අභියෝගයක් වුවත් තමා ඉතා කැමැත්තෙන් එම අභියෝගය භාර ගත් බවයි.
(රංගන ශිල්පී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක බීබීසීයේ අසාම් අමීන් සමග සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.)