ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'දිවි නසා ගන්නේ දුක කියන්න කෙනෙකු නැති කමින්'
දුක ප්‍රකාශ කිරීමට කෙනෙකු නැති වීම සිය දිවි නසා ගැනීමට එක් හේතුවක් බව කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය වසන්තා සුභසිංහ පවසයි.
ගත වූ වසර තුන ඇතුළත ශ්‍රී ලංකාව තුළ සිය දිවි හානි කර ගැනීම් 9657 ක් වාර්තා වී ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
ආර්ථික අපහසුතාවලට අමතරව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇතුළු සමාජ ගැටළු ගණනාවක් සිය දිවි නසා ගැනීම් ඉහළ යෑම කෙරෙහි බලාපා ඇති බව ආචාර්ය වසන්තා සුභසිංහ කියා සිටියේ සිය දිවි නසා ගැනීම් කෙරෙහි බලපාන සමාජීය කරුණු පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී.
අනූව දශකයේ ලොව වැඩිම සිය දිවි නසා ගැනීම් වාර්තා වූ රට බවට ශ්‍රී ලංකාව පත් වී තිබූ බව කියා සිටි ඇය වර්තමානය වන විට එම තත්වය සුළු වශයෙන් පමණක් අඩු වී ඇති බවයි පෙන්වා දෙන්නේ.
මානසික පීඩාවට පත් පුද්ගලයන්ට උපදේශන ලබා දීම සඳහා වෘත්තීය උපදේශකයන් බිහි වන පිළිගත් ආයතනයක් ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වීනොමැති බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය වසන්තා සුභසිංහ වැඩිදුරටත් කියා සිටියාය.
(ආචාර්ය වසන්තා සුභසිංහ සමග සිදු කළ සම්පූර්ණ සාකච්ඡාවට ඉහත හඬ පටන් සවන් දිය හැක.)