ආණ්ඩුවේ උත්සාහය පාගමන කඩාකප්පල් කිරීම - මහින්ද

වීඩියෝ ශීර්ෂ වැකිය, පාද යාත්‍රා දෙවන දිනය

වත්මන් ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව ජන මාධ්‍යවේදීන් ද ජන සටන පාද යාත්‍රාවට එක් වී සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ උතුවන්කන්දෙන් අද (29)දෙවන දිනයට ආරම්භ වූ පාද යාත්‍රාවේ ගමන් ගනිමින් සිටින අතරවාරයේ.

තව දුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ මේ වන විට රටේ නීති දෙකක් ක්‍රියාත්මක වෙමින් ඇති බවයි.

ආණ්ඩුවේ උත්සාහය පාගමන කඩාකප්පල් කිරීම - මහින්ද

'ඒක කරන්නේ පාද යාත්‍රාව කඩාකප්පල් කරන්න. මේක පටන් ගන්න කොටම බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තා. ඊ ලඟට පාද යාත්‍රාව යද්දී බාධා කරනවා. නොයෙක් බොරු ප්‍රචාරය කරනවා. දැන් ගිලන් රථ කීයක් උඩහට පහළට ගියාද කියල පේන්න ඇති. ඒවා නාද කර ගෙන යන්නේ. ඒකෙන් පේනවා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල' මෙම පාද යාත්‍රාවේ නිර්මාතෘවරයා කියා සිටියි.

අද (29) වැසි මැද ආරම්භ කෙරුණ පාද යාත්‍රාවට දහස් ගණනින් ජනතාව එක්රැස් වූ බවයි, බීබීසී සංදේශය සඳහා එය වාර්තා කරන ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න පවසන්නේ.

ආණ්ඩුවේ උත්සාහය පාගමන කඩාකප්පල් කිරීම - මහින්ද

ආණ්ඩුව උසාවි ගානේ යමින් පා ගමන නතර කිරීමට බාධා කළත්, එසේම පොලිසියෙන් අවශ්‍ය සහයෝගය නොලැබුනත් එය කොළඹට ලඟා වීම කිසිවකුට නතර කළ නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ.

මෙම පාගමනින් අනතුරුව පැවැත්වෙන පලාත් පාලන ඡන්දයෙන් ආණ්ඩුව පරාජයට පත්වෙන අතර ඒ සමඟ ආණ්ඩුව කඩා වැටෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසන්නේ.