ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'සයිබර් අපරාධ': කියන්නේ කාටද?
පරිගණක සහ ජංගම දුරකථන භාවිතය ඉහළ යාමත් සමග පරිගණකය ඔස්සේ සිදුවන ‘සයිබර් අපරාධ’ ඉහළ යමින් පවතින බවට මාධ්‍ය වාර්තා පලවී තිබේ.
එවැනි අපරාධයක වින්දිතයෙක් වූ විට ඔබට සහය වන්නේ කවුද?
අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ නම් වලින් පෙනී සිටිමින් විවිධ පුද්ගලයන්ට අපහාස කිරීමක් හෝ මුදල් ගණු දෙනු සඳහා අන්තර් ජාලය භාවිතා කිරීමේ දී බැංකු ගිණුම් වලට වංචාකාරී ලෙස ඇතුළුවීමක් සිදුව ඇත්නම් ඒ සඳහා සහාය වීමට සුදානම්ව සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ රොෂාන් චන්ද්‍රගුප්ත පවසයි.
ඔහු මේ බව පැවසුවේ පරිගණකයේ ගබඩා කර ඇති තොරතුරු වල ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතිවුව හොත් එය නිරාකරණය කර ගැනීමට කුමක් කළ යුතුද යන්න පිළිබඳව බීබීසීයේ එස් එල් සෙනෙහෙධීර සමග සාකච්ඡාවකට එක්වෙමින්.
පරිගණක හෝ ජංගම දුරකථන භාවිතා කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් හඳුන්වා දෙමින් සහ පරිගණක භාවිතයේ දී මතුවන ආරක්ෂාව සම්බන්ධ ගැටළු වලට දේශීය හෝ විදේශීය වශයෙන් සහය ලබාදෙන බව පවසමින් ඔහු බීබීසී සිංහල සේවය සමග කළ සම්පුර්ණ සාකච්ඡාවට ඉහත හඬ පටයෙන් සවන් දිය හැකියි.