වධ හිංසා: 'වැඩිම චෝදනා පොලිසියට'

වීඩියෝ ශීර්ෂ වැකිය, වධ හිංසා: 'වැඩිම චෝදනා පොලිසියට'

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පසුගිය වසරේ ලද පැමිණිලි 413 කින් වැඩි වශයෙන් චෝදනා එල්ල කෙරෙන්නේ පොලිසියට බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පවසයි.

ඇය එම ප්‍රකාශය කළේ වද හිංසාවලට ගොදුරු වන්නන්ට සහයෝගය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද පාගමනකට සහභාගී වෙමිණි.

ඒ අතරම සමාජය තුළ සිදු කෙරෙන සියලු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වධහිංසා පිලිබඳව පැමිණිලි නොකෙරෙන තත්වයක් ඇති බවත් සභාපතිනිය පෙන්වා දෙන්නීය.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම්

එම තත්වය අවසානයකට ගෙන ඒමට පොලිස් කොමිසන් සභාවේ මැදිහත් වීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම සඳහන් කළාය.

ඉහත කී අවස්ථාවට සහභාගී වූ නීතිය සහ සාමය භාර ඇමති සාගල රත්නායක කියා සිටියේ 'නීති රීති සම්පාදනය මගින් පමණක් මානව හිමිකම් ආරක්ෂා කිරීම හෝ වධහිංසා තුරන් කිරීම සිදු කළ නොහැකි'බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු තවත් පිරිසක් ද ඉහත කී පා ගමනට එක්ව සිටියහ.