ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වනය අහිමි හම්බන්තොට අලි පැටව්
සීඝ්‍ර සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරෙන හම්බන්තොට මත්තල ප්‍රදේශයේ මාස අටක් පමණ වූ තවත් අලි පැටවකුගේ පාදයේ හට ගෙන ඇති තුවාලයක් හේතුවෙන් අලි පැටවාගේ ජීවිතය අවදානමක පවතී.
අලි පැටවා හට ප්‍රතිකාර කිරීමට හම්බන්තොට වන ජීවී කාර්යාලයේ නිලධාරින් දින කීපයක සිට අලි පැටවා සොයා මෙහෙයුම් දියත් කළත් මේ වන විටත් පැටවා සොයා ගැනීමට නොහැකිවී තිබේ.
මෙම අලි පැටවා මව් ඇතින්නිය සමඟ සිටින ආකාරය හම්බන්තොට වාර්තාකරු රාහුල් සමන්ත හෙට්ටිආරච්චිගේ කැමරාවට හසු වී තිබුණි.
අලි පැටවාට ප්‍රතිකාර කිරීමට පෙර මව් ඇතින්නිය සිහි නැති කිරීම සඳහා එන්නත් ලබා දීමට කටයුතු කළ යුතු බව පශු වෛද්‍ය ඩබ්ලිව් ඒ ධර්මකීර්ති පවසයි.
දඩයක් කරුවන් විසින් අටවන ලද මන්දකට පාදය හසුවී මේ ආකාරයෙන් පැටවාගේ ඉදිරි පාදය තුවාල සිදු වී ඇති බවට සැක කරන බවයි හම්බන්තොට වන ජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව් එම් ඒ ගුණතුංග පවසන්නේ.
කොතරම් අපහසු කාර්යයක් වුවත් අලි පැටවා සෙවීම අත් නොහරින බවත් අලි පැටවා සම්බන්ධයෙන් යම් තොරතුරක් වුවොත් හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් දැනුවත් කරන ලෙසත් ඔහු ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටි.
වර්ග කිලෝමීටර් 322ක් පමණ වූ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ පමණක් ගෙවී ගිය සති හයක කාලය තුළ දී අලි පැටවුන් හතර දෙනෙකු මිනිස් ක්‍රියාකාරකම් නිසා අනතුරට පත් වූ අතර ඉන් තුන් දෙනෙකු මේ වන විට මිය ගොස් ඇත.