ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තොරතුරු දැන ගැනීමේ පනත ඒකමතිකව සම්මතයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ දින දෙකක් විවාදයට ගත් තොරතුරු දැන ගැනීමේ පනත සංශෝධන සහිතව අද (24) ඒකමතිකව සම්මත විය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන වලට ආණ්ඩුව එකඟ වූ අතර පනත ඒකමතිකව සම්මත වූ බවයි වාර්තා වන්නේ.
2003 වසරේ තම ආණ්ඩුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් සිය ආණ්ඩුව පරාජය වීමෙන් අනතුරුව බලයට පත් කිසිම ආණ්ඩුවක් එය ක්‍රියාවට නැංවීමට මෙතෙක් පියවර නොගත් බවයි අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ.
විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත ජාත්‍යන්තර මට්ටමින් ප්‍රසාදයට ලක් වී ඇති අතර එය කලාපයේ දෙවැනි වන්නේ ඉන්දියානු පනතට පමණක් වන බවයි.